hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 21, පෙ.ව. 10:03



ඉන්ධන තොග ප්‍රමාණවත් පරිදි පිරවුම්හල්වල ඇතත් ඉන්ධන ලබාගැනීමට පාරිභෝගිකයන් පැමිණීමේ සැලකිය යුතු අඩුවක් මේ දිනවල තිබෙන බව ඉන්ධන පිරවුම්හල් හිමියෝ පවසනවා.

මේ තත්ත්වය හේතුවෙන් ග්‍රාමීය ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යෑමේ දැඩි අවධානමක් මතුව ඇති බව එම පිරවුම්හල් හිමියෝ පෙන්වා දෙනවා.

ග්‍රාමීය ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන අලෙවිය සිදුවන්නේ ඉතාමත් සීමිතව බවත් මේ හේතුවෙන් ඉන්ධන තොග මිලදී ගැනීම සඳහා පිරවුම්හල් හිමියන්ට අවශ්‍ය මුදල් සොයාගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් ඔවුහු කියා සිටිනවා.

ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ ප්‍රකාශකයකු සඳහන් කළේ දිගින් දිගටම මෙවැනි තත්ත්වයක් උදාවුවහොත් ග්‍රාමීය ඉන්ධන පිරවුම්හල් වසා දැමීමට සිදුවන බවයි.

මේ අතර පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට මෙම වසරේ ජනවාරි මාසය දක්වා කාලය සැසඳීමේදී මෙරට ඉන්ධන අලෙවිය 30%ත් 70%ත් අතර ප්‍රතිශතයකින් අඩු වී ඇති බව බලශක්ති අමාත්‍යාංශය පසුගියදා වාර්තා කළා.

ඒ අතරින් වැඩිම අගයකින් අඩු වී ඇත්තේ භූමිතෙල් අලෙවිය වන අතර එම ප්‍රතිශතය 70%ක්. 

ලංකා ඔටෝ ඩීසල් අලෙවිය 50%කින් පහළ වැටී ඇති අතර පෙට්‍රල් අලෙවියද 30%කින් පහත වැටී තිබෙනවා.