hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 07, ප.ව. 1:44



ගාල්ල – පෙට්ටිගලවත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට ඊයේ පෙරවරුවේ ඉන්ධන රැගෙන පැමිණි බවුසරයේ අඩංගුව තිබූ පෙට්රල් වල සුදු පැහැති ද්‍රාවයක් පැවති බවට පාරිභෝගිකයින් චෝදනා කළා.

දිගු පෝලිම්වල රැඳී සිටිමින් ජනතාව එම පිරවුම් හලෙන් ඉන්ධන ලබාගත් අතර, අනතුරුව ත්‍රීරෝද රථ තුනක් සහ යතුරුපැදි කිහිපයක එන්ජිම අක්‍රීය වීමෙන් මාර්ගයේ නතර වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඔවුන් ඉන්ධන පිරවුහම්හලට පැමිණිලි කර එම ඉන්ධන බෝතලයකට ලබා ගැනීමට කටයුතු කළා.

පසුව එහි සුදු පැහැති ද්‍රාවයක් තිබෙන බවට දැක ගත හැකි වුණා.

එහිදී පෝලිම්වල රැඳී සිටි ජනතාව පිරවුම් හල ඉදිරිපිට පැමිණ බවුසර් රථයේ රියදුරුට සහ පිරවුම්හල් සේවකයින්ට චෝදනා එල්ල කළා.

එම පෙට්රල්වලට ජලයද මිශ්‍ර වී ඇති බවයි පාරිභෝගිකයින් කියා සිටියේ.

පසුව ඒ සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතීගත සංස්ථාව දැනුම්වත් කිරිමට ඉන්ධන පිරවුම්හලේ බලධාරින් කටයුතු කළ අතර, ඉන්ධන ලබාගත් වාහනවල එන්ජින් වලට යම් හානියක් සිදු වී ඇත්නම් ඒ සඳහා මුදල් ලබා දෙන බවට එහි බලධාරින් පොරොන්දු වී තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති අතර, එම ඉන්ධනවල සාම්පල මේ වනවිට පරික්ෂණයකට යොමු කර ඇති බවයි.

එම පරික්ෂණ වාර්තාව අද දිනය ඇතුළත විෂය භාර අමාත්‍යවරයා වෙත ලබාදීමට නියමිත බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන තොරතුරුවලට අදාළව කරුණු පැහැදිලි කරමින් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඉන්ධනවල ප්‍රමිතිය ගැන ගැටළු මතුව තිබෙන ඉන්ධන පිරවුම්හල්වලින් සාම්පල ලබා ගෙන මේ වනවිටත් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ

එම නිවේදනය පහතින්,