2023 මාර්තු 29, පෙ.ව. 8:18
රට තුළ ඉන්ධන බෙදාහැරීම සහ සැපයුම සාමාන්‍ය පරිදි සිදුකිරීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ඉන්ධන බෙදාහැරීම් කටයුතුවලට බාධාවන ලෙස සහ ඉන්ධන බෙදාහැරීමේ රාජකාරි කටයුතුවල සේවයේ යෙදී සිටි සේවකයින්ට බලපෑම් කරමින් එම සේවාවන් අවහිර කිරීමට කටයුතු කළ වෘත්තීය සමිති නායකයින් සහ එයට සහාය දුන් සේවකයින් අනිවාර්ය නිවාඩු ගැන්වීමට කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා.
තවද ඔවුන්ට ඊයේ සිට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාපයක් වනු ඇති.
අනෙක් සියලුම නිලධාරීන් සේවයට වාර්තාකර ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සහ අනෙකුත් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස ද අදාළ නිවේදනයෙන් දැනුම්දී තිබෙනවා.
සම්පූර්ණ නිවේදනය පහතින්,

2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:22
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:19
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:15