hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අගෝස්‍තු 15, ප.ව. 4:18



ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද සමුද්‍ර නිරීක්ෂණ ගුවන් යානය අද (15) දහවල් 12.20 ට කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පැමිණියා.

ඩෝනියර් වර්ගයේ මෙම ගුවන් යානය මගින් ඉලෙක්ට්‍රොනික යුධ මෙහෙයුම් , සමුද්‍ර නිරීක්ෂණ කටයුතු සහ ආපදා සහන කටයුතු සදහා යොදා ගැනීමට හැකියාව පවතින අතර ටර්බෝ ප්‍රොප් එන්ජින් දෙකකින් බලගන්වා තිබෙනවා.

මෙම ගුවන් යානයට කෙටි ගුවන් ගත කිරීම් මෙන්ම හදිසි ගොඩ බැස්සවීම් කටයුතු වලද නිරත විය හැකි බවයි වාර්තා වන්නේ.

මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවට භාර ගැනීමේ උත්සවය සදහා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුදර්ශන පතිරණ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, යුධ හමුදාපති ලෙප්ටිනන් ජනරාල් විකුම් ලියනගේ සහ ඉන්දීය රජය නියෝජනය කරමින් ඉන්දීය නාවික හමුදා උප ප්‍රධානී වයිස් අද්මිරාල් සතිෂ් ගෝර්මඩේ , ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියා.

කටුනායක – ටී.කේ.ජී.කපිල