hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 09, ප.ව. 7:54



ගුවන් තොටුපොළේ හෝ භාණ්ඩ ප්‍රවාහනය කරන ආයතන හරහා තහනම් කළ භාණ්ඩ, ආනයනය සීමා කළ භාණ්ඩ, තාවකාලිකව ආනයනය අත්හිටවූ භාණ්ඩ හෝ වාණිජ ප්‍රමාණවලින් රැගෙන එන භාණ්ඩ සිය ගමන් මලු තුළ රැගෙන ඒමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා රේගුව නිවේදනයක් නිකුත් කරමින් සියලු ම ගුවන් මගීන්ට දැනුම් දෙනවා.

රට තුළ පවතින විදේශ විනිමය ගැටලුව මත පසුගිය කාලය තුළ විවිධ අත්‍යවශ්‍ය නොවන සහ සුඛෝපභෝගී භාණ්ඩ රැසක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තාවකාලිකව සීමා කර තිබෙනවා.

එලෙස සීමා කර තිබුණ ද පසුගිය කාලය තුළ ගුවන් මගීන් රැගෙන එනු ලබන ගමන් මලු සහ භාණ්ඩ ආනයනය කරනු ලබන විවිධ ආයතන හරහා එවනු ලබන ගමන් මලු තුළ එසේ ආනයනය සීමා කළ භාණ්ඩ රැගෙන ඒම ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා.

එමෙන් ම ඇතැම් ගුවන් මගීන් රේගු ආඥා පනත සහ ආනයන අපනයන (පාලන ) පනත තුළ ඇති රෙගුලාසි උල්ලංඝණය කරමින් වාණිජ ප්‍රමාණවලින් ද භාණ්ඩ රැගෙන එන බව ද නිරීක්ෂණය වී ඇතැයි ශ්‍රී ලංකා රේගුව පවසයි.

රේගු ආඥා පනත සහ ආනයන අපනයන ( පාලන ) පනතේ විධිවිධාන අනුව එලෙස නීතිවිරෝධි ලෙස රැගෙන එනු ලබන භාණ්ඩ රාජසන්තක කිරීමට හා ඊට අමතරව එම ගුවන් මගීන් හට දඩ නියම කිරීමට ද කටයුතු කරනු ලබන බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.