hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 අප්‍රේල් 01, පෙ.ව. 5:27



අද සිට ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, ප්ලාස්ටික් මල්මාලා, ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි සහ ප්ලාස්ටික් බීම බට සහ කලතන යන නිෂ්පාදනය, බෙදාහැරීම සහ අලෙවිය, භාවිතය තහනම් කෙරෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්.පතිරගේ මහතා පැවසුවා.

ඊට අදාළ රෙගුලාසි ගැසට් කිරීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියා. 

ජාත්‍යන්තර කසළ ශුන්‍ය දිනය සැමරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් කොළඹදී පවත්වන ලද වැඩසටහනකදී සභාපතිවරයා මේ බව පැවසුවා.

වසර 2025 වන විටදීද තවත් ප්ලාස්ටික් භාණ්ඩ කීපයක් තහනම් කිරීමට සැලසුම් කර ඇතැයිද සභාපතිවරයා සඳහන් කළා.

ඊට අදාළ භාණ්ඩ ලැයිස්තුව සකස් කරමින් පවතින බවද, සෝස් පැකට් ආදිය තවමත් තහනම් කර නැතැයිද ඔහු කියා සිටියා.

මෙරට තුළ දෛනිකව කසළ මෙට්‍රික් ටොන් 7,000 කට ආසන්න ප්‍රමාණයක් ජනනය වන බවද සභාපතිවරයා පැවසුවා.

මෙරට ජනනය වන කසළවලින් සියයට 60 ක් ඉතා පහසුවෙන් පොහොර බවට පත්කිරීමේ හැකියාව පවතින බවද සභාපතිවරයා සඳහන් කළා.

ඉතිරි කසළ ප්‍රමාණය ප්‍රතිචක්‍රීයකරණය කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය, බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය සහ පළාත් පාලන අධිකාරිය යාන්ත්‍රණයක් සකසා ඇතැයිද ඔහු පෙන්වා දුන්නා.