hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 30, ප.ව. 2:09



ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවින් සදහා මෙවර මහ කන්නයේ දි බෙදා දෙමින් තිබූ ඝණ කාබනික පොහොර බෙදා හැරිම නතර කරන ලෙස ඊයේ (29) රැස් වු ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව මගින් තීරණය කර තිබෙනවා.

ලබා දී ඇති කාබනික පොහොර නියමිත ප්‍රමිතියෙන් තොර බවට ගොවින්ගෙන් පැමිණිලි ලැබි තිබූ අතර ඒ අනුව මත දිස්ත්‍රික් පොහොර කමිටුව විසින් ලබාගත් කාබනික පොහොර සාම්පල් බෝඹුවල වී පර්යේෂණාගාරය විසින් කරනු ලැබු පර්යේෂණ  ඝන කාබනික පොහොර වල සියයට 39ක් පමණ වැලි ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව මෙකී බෙදාහැරීම තාවකාලිකව නතරකිරිමට ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දි තීරණය කර තිබෙනවා.

මෙම ඝණ කාබනික පොහොර ගාල්ල දිස්ත්‍රික්කයට අවශ්‍ය පොහොර ලබාදීමට තෝරා ගනු ලැබු ප්‍රසිද්ධ සමාගමක් මගින් බෙදා හැර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම කන්නය සදහා ගාල්ල දිස්ත්‍රික්කයට ⁣කාබනික පොහොර ටොන් 2500 ක් පමණ අවශ්‍ය ඇති අතර ඊයේ (29)  වනවිට කාබනික පොහොර ටොන් 750 ක් ගොවින් වෙත බෙදා දී තිබු බව එම කමිටු රැස්විමේ දි අනාවරණය වුණා.

පොහොර බෙදීම නතර කිරිමෙන් ඇති විය හැකි ගැටළුවට පිළියමක් ලෙස ප්‍රාදේශිය වශයෙන් ලියාපදිංචි  වී ඇති කාබනික නිෂ්පාදිකයින්ගෙන් ලබා ගැනීමට අවශ්‍ය අවසරය කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් වහාම ලබා ගැනිමටද තිරණය කර තිබෙනවා.

මෙම කමිටු රැස්විම සම්බන්ධිකරන කමිටුවේ සභාපති, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සම්පත් අතුකෝරාල මහතාගේ  ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේ දි පැවැත්වුණා. 

ගාල්ල – ලලිත් චාමින්ද