hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 ජූලි 12, ප.ව. 1:11



දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමට තමන් තීන්දු කොට ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා ඒෂියන් මිරර් වෙත පවසා සිටියා.

ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමත් සමඟ තමන්ද දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අලුතින් පත්වන ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට කටයුතු කරන බවද විලී ගමගේ මහතා සඳහන් කළා.

තමන් ආණ්ඩුකාර ධූරයට පත්කරනු ලැබුවේ ජනාධිපතිවරයා බවත් නීතියේ කුමක් සදහන් වුවද ජනාධිපතිවරයා ඉවත් වීමත් සමඟ තමන්ට ආණ්ඩුකාර ධූරයේ තවදුරටත් රැදී සිටීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවද ගමගේ මහතා පවසයි.

තමන් මාස 31 කාලයක් දකුණු පළාතේ ආණ්ඩුකාර ධූරයේ කටයුතු කළ බවත් පළාත් සභාවේ ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන් තමන්ට විශාල සහයෝගයක් ලබා දුන් බවද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සදහන් කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට තිරය පිටුපස සිට විශාල කාර්යක් භාරයක් ඉටු කළ පුද්ගලයෙක් ලෙසද විලී ගමගේ මහතා හදුන්වා දීමට හැකියි.

ගාල්ල – ලලිත් චාමින්ද