hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 14, ප.ව. 6:13



කොළඹ 7, පිහිටි නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය දේශීය සංචාරකයන්ට අද (14) දිනයේ ඇතුළත්වීම තහනම් කර ඇති බවත් විදේශ සංචාරකයන්ට පමණක් ඇතුළත් වියහැකි බවත් පොලිසිය පවසනවා.  

දේශීය සංචාරකයන් අද දිනයේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයට ඇතුල්වීමට නම් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අවසරය ගතයුතු බව පොලිසිය පෙන්වා දෙනවා.

එසේ නොමැතිව ශ්‍රී ලාංකිකයන් කිසිවෙක්ට අද දිනයේ නිදහස් චතුරශ්‍රයට ඇතුල්වීමට අවස්ථාව නොලැබුණු බව ද පොලීසිය සඳහන් කළා.

නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය සහ ඒ අවට පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ආරක්‍ෂාවක් යොදා තිබෙනවා.