hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 මැයි 26, ප.ව. 12:14



විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරුන් 05 දෙනකු ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරුවලට උසස් කර තිබේ. ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සහ මහජන ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය පරිදියි.

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරුන් ශ්‍රී  ලංකා පොලිසියේ විධායක සේවා ගණයේ තනතුරු සඳහා වන බඳවා ගැනීමේ සහ උසස් කිරීමේ සංලක්ෂයෙහි සඳහන් කරුණු අනුව එම නිලධාරීන් විශ්‍රාම ගැන් වූ 2022-12-31 වන දින විශ්‍රාමයට පමණක් අදාළ වන පරිදි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් මෙම පස්දෙනා ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබෙනවා.

ඒ අනුව ඒ.එච්.එම්. ඩබ්.සී. කේ. අලහකෝන්, වී.පී.සී.ඒ. සිරිවර්ධන, ආර්.එම්. එන්.ජී. ඕ. පෙරේරා, ඊ.එම්.යූ. වී. ගුණරත්න සහ ඩී.ජේ. පලිහක්කාර යන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරුන් මෙසේ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කර තිබෙනවා.