hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 01, පෙ.ව. 11:49



අනවශ්‍ය පුද්ගලයින්ගේ හා ස්ථානවලට යොදවා ඇති පොලිස් නිලධාරීන් එම පුද්ගලයින්ගෙන් හා ස්ථානවලින් ඉවත්කර පොලිස් ස්ථානවලට වහා ම අනුයුක්ත කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

අනවශ්‍ය පුද්ගලයන්ට හා ස්ථානවලට ආරක්ෂාව සැපයීමට පොලිස් නිලධාරීන් විශාල වශයෙන් යෙදවීමෙන් පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ හිඟයක් ඇති වීම හේතුවෙනුයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

එසේ ආරක්ෂාව දී ඇති පුද්ගලයන්ට හා ස්ථානවලට ආරක්ෂාව අවශ්‍යදැයි යන්න නියමිත ලෙස සොයා බලා තක්සේරුවක් කරන ලෙස ත් මෙහිදී පොලිස්පතිවරයාට ලබා දුන් උපදෙස් තුළ අන්තර්ගත වෙනවා.

දැනට 5,400ක පමණ පොලිස් නිලධාරීන් පිරිසක් මෙසේ පුද්ගලයන්ට හා ස්ථානවල ආරක්ෂාව සඳහා යොදවා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.