2023 ජූලි 02, ප.ව. 12:36
දැනට පුරප්පාඩු වී ඇති පොලිස්පති ධුරය සඳහා මීළඟ පොලිස්පති වරයා තෝරාගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සතිය තුළ ව්‍යවස්ථා සභාවට නම් තුනක් නම් කර යවනු ඇති බව ප්‍රධාන පුවත්පතක් වාර්තා කර සිටිනවා.
පසුගිය සදුදා දිනයේ දී සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගියේ සේවා දිගු දෙකක් ලබා ගැනීමෙන් අනතුරුවයි.
මීළඟ පොලිස්පති ජේෂ්ඨත්වය අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, එල්.එස්.පතිනායක, දේශබන්දු තෙන්නකෝන්, ප්‍රියන්ත වීරසූරිය, P.P.S.M ධර්මරත්න යන අය ප්‍රධාන ලැයිස්තුවේ සිටිනවා.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් ජේෂ්ඨත්වය අනුව නම් තුනක් තෝරා යවනු ඇති බව ද එම පුවත්පත් වාර්තාව වැඩිදුරටත් තහවුරු කරනවා.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11