hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 12, පෙ.ව. 10:29



මේ වනවිට දිවයින පුරා පුද්ගලයින් මත් පෙති භාවිතයට යොමු වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා සදහන් කරයි.

පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වීම මත විෂ මත්ද්‍රව්‍ය සමාජයේ හිඟවීම හේතුවෙන් එම මත් පෙති භාවිතයට යොමු වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවද නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා සදහන් කරයි.

මුලික විමර්ශනවලදී මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බවත් පසුගිය දිනවල මත්පෙති 363,438ක් පොලිස් භාරයට ගැනීමට සමත් වු බවද නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා සදහන් කරයි.

නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව තවදුරටත් සදහන් කළේ,

” විෂ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නවා හා සමානව ඊට කලින් මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදිලා යම් යම් අධිකරණවල නඩු පවරලා, නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින සැකකරුවෙන් අධිකරණයේ පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් කරලා තියෙනවා. ඔවුන්වත් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා මේ මෙහෙයුම හරහා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: