hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 30, පෙ.ව. 6:53



ජනපති, අගමැති සහ ඇමැති ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පොලිස් ලොක්කන් 9කට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ඊයේ (29) සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබාදී තිබෙනවා.

ඒ අනුව මෙතෙක් ජනපති ආරක්ෂක අංශයේ ප්‍රධානියාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයලත් බලගල්ල මහතා ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ ප්‍රධානියා ලෙසත්, අගමැති ආරක්ෂක අංශයේ ප්‍රධානියාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එන්. ජමල්ඩීන් මහතා ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ ප්‍රධානියා ලෙසත්, පොලිස් නාවික කොට්ඨාසයේ ප්‍රධානියාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්.එස්.පී. ද සිල්වා මහතා අගමැති ආරක්ෂක කොට්ඨාසයේ ප්‍රධානියා ලෙසත් පත් කර තිබෙනවා.

ඊට අමතරව පොලොන්නරුව කොට්ඨාසය භාර පොලිස් ප්‍රධානි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඕ. හේවාවිතාරණ මහතා මානව හිමිකම් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා මහතා ගම්පොල කොට්ඨාසය භාර පොලිස් ප්‍රධානියා ලෙසත්, ගම්පොල කොට්ඨාසය භාර පොලිස් ප්‍රධානියාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආර්.එම්.පී.එන්. රත්නායක මහතා ගම්පහ කොට්ඨාසය භාර පොලිස් ප්‍රධානියා ලෙසත්, පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.ඩී.වී. පතිරණ මහතා පොලිස් නාවික කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්.ආර්.එච්. ගමගේ මහතා පොලොන්නරුව කොට්ඨාසය භාර පොලිස් ප්‍රධානියා ලෙසත්, බදුල්ල කොට්ඨාසයේ සේවයේ නිරතව සිටි ආර්.ජේ.එම්. ගුණවර්ධන මහතා නිකවැරටිය කොට්ඨාසය වෙතත් ස්ථාන මාරු කර ඇතැයි සඳහන්.