hit counter

2024 මැයි මස 08 වන බදාදා

2022 ජූලි 07, ප.ව. 5:11



ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට පොලිස් ජීප් රථයක් ගැටීමෙන් යතුරුපැදිකරු බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව පොලිසිය සහ මහජනතාව අතර අද (07) දින දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

නුවරඑලිය දෙසට ධාවනය වෙමින් තිබු යතුරුපැදියට අපරික්ෂාකාරි ලෙස එම මාර්ගයට පොලිස් ජිප් රථය ඇතුලත් කිරිමත් සමග පොලිස් ජිප් රථය යතුරුපැදියේ ගැටි මෙම අනතුර සිදු වි තිබෙනවා.

අනතුර සිදු වු ස්ථානයට එක්රැස් වු පිරිසක් පොලිස් ජිප් රථය ධාවනය කල පොලිස් නිලධාරින් බිමත්ව සිටි බවටත්, පොලිස් ජිප් රථය තුල මත්පැන් බෝතල් තිබු බවටත් චෝදනා කරමින් පොලිස් ජිප් රථය තුල තිබූ මත්පැන් බෝතල් කිහිපයක් ඉවතට ගැනිමට යාමේදි දෙපාර්ශවය අතර මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති වී තිබෙනවා.

අනතුර පොලීසිය විසින් වාර්තා නොකර අනතුරෙන් දැඩි අලාභ හානි සිදු වි තිබු යතුරුපැදිය පොලිස් ජිප් රථයේ නංවා රැගෙන යාමට උත්සහ කිරිමේදි පොලිසිය සහ මහජනතාව අතර දැඩි නොසන්සුන්කාරි තත්ත්වය ඇති වී තිබෙනවා.

මහජනතාවගේ දැඩි විරෝධය හමුවේ සිදු වූ රිය අනතුර වාර්තා කිරීමට නුවරඑලිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් පියවර ගෙන තිබෙනවා.