hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 16, පෙ.ව. 11:36



දිවයින පුරා  ක්‍රියාත්මක පවතින තත්ත්වය මත නිතිය හා සාමය තවදුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා  සෑම පොලිස් බල ප්‍රදේශයකම  අපරාධ වැළැක්වීමේ ජංගම සංචාර වැඩි වශයෙන්  ක්‍රියාත්මක කළ යුතු බව පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථාන වෙත  විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබෙනවා.

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පුද්ගලයන්, ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් වල නිරත වීම සහ විවිධ අපරාධ වල නිරත වීම සඳහා පෙළඹවීම් සිදුකරන බවට බුද්ධි අංශ මගින් තොරතුරු හෙළි කර ගෙන ඇති බවත්  අනවශ්‍ය පරිදි පුද්ගලයන් ඒකරාශී ඒකරාශි වැළැක්විය යුතු බවද බව ද පොලිස්පතිවරයා චක්‍රලේඛය මඟින් දැනුම් දී තිබෙනවා.

ඒකරාශී වීමෙන් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපරාධ වැළැක්වීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් , අවශ්‍ය  අවස්ථාවන්වලදී  වෙඩි තැබීමේ උපදෙස් ද ක්‍රියාත්මක කර  අපරාධ හා ප්‍රචණ්ඩ ක්‍රියාව වැළැක්විය යුතු බවද පොලිස්පතිවරයාගේ චක්‍රලේඛයේ සඳහන් වෙනවා.

මේ නියෝගය සියලුම ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පතිවරුන්, සහ දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාශ භාර  නිලධාරීන් ඇතුළු උසස් නිලධාරීන්  වෙත යොමු කර ඇති බව ද වැඩිදුරටත් පවසයි.