hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 30, ප.ව. 2:02



දකුණු පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂක (පාලන) තනතුර සදහා ශ්‍රි ලංකා පරිපාලන සේවයේ නිලධාරිනියක් පත්කිරිම සම්බන්දයෙන් අධ්‍යාපන පරිපාලන සේවයේ හා ශ්‍රි ලංකා පරිපාලන සේවයේ නිලධාරින් අතර මත ගැටුමක් නිර්මානය වී ඇතැයි වාර්තා වනවා.

මෙකි තනතුර අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියකු පත්කළ යුතු බවට අධ්‍යාපන සේවා පරිපාලන සේවයේ නිලධාරින් පෙන්වා දෙනවා.

මෙකි තනතුරේ මිට පෙර ද කටයුතු කරණු ලැබුවේ ශ්‍රි ලංකා පරිපාලන සේවයේ නිලධාරිණියක් වන අතර ඇයට උසස් විමක් ලැබිම නිසා එම තනතුර පුරප්පාඩු වී තිබුණා. පසුව මෙම තනතුර සදහා සම්මුඛ පරික්ෂණ කැදවා ශ්‍රි ලංකා පරිපාලන සේවයේ නිලධාරිණියක් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතා විසින් පත්කර තිබෙනවා.

මෙකි පත්කිරිම සම්බන්දයෙන් අධ්‍යාපන සේවා පරිපාලන නිලධාරින්ගේ සංගමයේ දැඩි විරෝධය පලවී තිබෙනවා. මෙකි තනතුර සදහා පත්කරනු ලැබු නිලධාරිණිය වැඩභාරගැනිමට පැමිණි අවස්ථාවේදීත් අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරින්ගේ විරෝධය පලවී තිබුණු බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්දයෙන් අප දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහතාගෙන් අප කළ විමසුමකදි මෙසේ කිවේය.

“දකුණු පළාත් අතිරේඛ (පාලන) තනතුර සදහා  මා ආණ්ඩුකාරධුරයට පත්විමටත් පෙර සිටම එම තනතුර සදහා අයෙකු පත්කොට තිබුනා. එම තනතුර පුරප්පාඩු වු පසු සම්මුඛ පරික්ෂණයක් කැදවා නිලධාරිණියක් පත්කොට තියෙනවා. පුරප්පාඩු වි ඇති මෙම තනතුරට කෙනෙකු පත්කොකර ඉන්න මට අයිතියක් නැහැ. මේ සම්බන්දයෙන් අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරින් හා ශ්‍රිලංකා පරිපාලන සේවා නිලධාරින් අතර නොයෙකුත් තර්ක විතර්ක තියෙනවා. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ යටතේ තමයි පත්කරපු නිලධාරිණිය රාජකාරි කටයුතු කළ යුත්තේ. මෙම තනතුර රාජ්‍ය සේවා කොමිසම් සභාව මගින් අනුමත කරපු තනතුරක්. නිලධාරින්ගේ විශ්‍රාම වැටුප් ලිපගොනු ආදි පාලන කටයුතු තමයි අතිරේඛ අධ්‍යාපන අධ්‍යක්ෂක වරියට පැවරිලා තියෙන්නේ. මේ සම්බන්දයෙන් තිරණයක් ගැනිම සදහා දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මම කමිටුවක් පත්කිරිමට කටයුතු කරලා තියෙනවා. එම කමිටුව මගින් ලබාදෙන  නිර්දේශය අනුව මා ඉදිරියේ දි කටයුතු කරනවා.”

ගාල්ල – ලලිත් චාමින්ද