hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූලි 25, පෙ.ව. 1:15



දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයා සිය දිවිනැගුම සංවර්ධන නිලධාරි තනතුරේ රාජකාරියට හිමි වැටුපට අමතරව සභාපති ඉන්ධන, දුරකථන දීමනාව වශයෙන් අධිකාරියේ සභාපති ධුරයට පත්වු දින සිට 2020 ජුනි මාසය දක්වා කාලය තුල අවිධිමත් පරිදි වැටුප් හා දිමනා වශයෙන් රුපියල් 654,729ක මුදලක් ලබාගෙන තිබෙනවා.

ඒ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවකින් අනාවරණය වුණා.

අධිකාරියේ හිටපු සභාපතිවරයා දිවිනැගුම සංවර්ධන නිලධාරි තනතුරේහි පත්විම් ලිපියේ කොන්දේසි නොසලකා හැර  නිලධාරියාට නිත්‍ය තනතුරේහි රාජකාරියට හිමි වැටුපට අමතරව සභාපති, ඉන්ධන, දුරකථන යන දීමනා වශයෙන් මෙකි මුදල ලබාගෙන ඇති බව විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

නිලධාරියෙකු නිත්‍ය රාජකාරියට පරිබාහිරව වෙනත් කාර්යයක් සඳහා නිදහස් කරන්නේ නම් අදාළ අමාත්‍යංශ ලේකම්වරයාගෙන් පුර්ව අනුමැතිය ලබා ගත යුතුයි.

නාගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරණු ලැබු මෙකී සමෘද්ධි සංවර්ධන නිලධාරියා දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ සභාපති තනතුරට පත්කොට තිබුණා.

ඒ සදහා අනුමැතිය ලැබී තිබුණේ 2020 ජුලි මස 01 වැනිදින වන අතර මොහු මාස හයකට ආසන්න කාලයක් අනුමැතියකින් තොරව රාජකාරියේ නිරතව තිබු බවද විගණන වාර්තාවේ සදහන්.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සම්බන්දයෙන් 2020 වර්ෂයට අදාලව මෙකී විගණන වාර්තාව නිතුක්කොට තිබුණා.

ගාල්ල – ලලිත් චාමින්ද