2022 දෙසැම්බර් 01, පෙ.ව. 7:55
දකුණු සහ ඇල්ල සංචාරක කලාප අද (01) සිට රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව ප්‍රකාශ කළා.
මේ අතර ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ දෙසැම්බර් 15 වනදා තෙක් දිවයින පුරා සෙසු ප්‍රදේශ සඳහා දහවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේදී පැය 1යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙන බවයි.
මේ අතර දෙසැම්බර් 15 වනදායින් පසුව සංචාරක අමාත්‍යාංශය විසින් හඳුනාගෙන ඇති සියලුම සංචාරක කලාප සඳහා රාත්‍රී විදුලි කප්පාදුවක් සිදුනොකෙරෙන බව අමාත්‍යවරයා පවසනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට රාත්‍රී කාලයේ විදුලි කප්පාදුව පැයක් දක්වා අඩුකිරීමට නියමිතයි.
එසේම නත්තල් සහ අලුත් අවුරුදු දිනවල විදුලි කප්පාදුවක් සිදුනොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:13
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:13
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:08
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:07