hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2022 ජූලි 09, පෙ.ව. 4:56



අද (09) සිට ලබන 15 වනදා දක්වාද දිනකට පැය 03 ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව A සිට W දක්වා කලාප 20 කට දහවල් කාලයේ පැය 01යි විනාඩි 40 ක් සහ රාත්‍රී කාලයේ පැය 01 යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.

අද (09) සහ හෙට (11) හැර අනෙක් දිනවල කොළඹ වාණිජ කලාපයේ පෙරවරු 06 සිට පැය 02 යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

M, N, O, X, Y, Z කලාපවලද එම දින 03 හැර අනෙක් දිනවල පෙරවරු 05.30 සිට පැය 03ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.