hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 දෙසැම්‍බර් 06, පෙ.ව. 10:51



විදුලිය බිල ජනවාරියේ අනිවාර්යෙන්ම වැඩි කළ යුතු බවත් එසේ වැඩි නොකරන්නේ නම් අඳුරු යුගයකට යෑමට සිදුවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

විදුලිය ගාස්තු සංශෝධනය නතර කළ හැක්කේ අනිවාර්යෙන්ම පැය හයක අටක විදුලි කප්පාදුවකට යෑමෙන් පමණක් බව පැවසූ අමාත්‍යවරයා විදුලිය බිල ලබන අවුරුද්දේ ජනවාරි මාසයේ සිට සංශෝධනය කළ යුතු බවද සඳහන් කළා.

විදුලිය ඒකකයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 56.90ක් වැය වන බවට උපකල්පනය කර ඇති බවත් විදුලිය බල මණ්ඩලය ඉල්ලූ සංශෝධනවලට මහජන උපයෝගීතා කොමිසම පසුගිය කාලයේදී අනුමැතිය ලබා නොදුන් බවත් ඔහු පැවසුවා.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විදුලිය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින්.