hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 14, පෙ.ව. 4:09



පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව අද (14) සිට මේ මස 16 වැනිදා දක්වා දින හතරක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවා.

ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියා.