hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 පෙබරවාරි 28, පෙ.ව. 5:12



විදුලි ගාස්තු ඉහළ නංවා ඇතත් නැවතත් රටේ විදුලි කප්පාදුවක් සිදු වනු ඇති බවද ලංකා විදුලි බල මණ්ඩලය විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කරනවා.

සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පැවසුවේ දෛනිකව පැය දෙකක විදුලි කප්පාදුව නොකර තවදුරටත් පවත්වාගෙන ගියා නම් එම තත්ත්වය පාලකව කරගත හැකිව තිබූ බවයි.

විදුලි කප්පාදු නතර කිරීමේ ප්‍රතිඵලය ඉදිරියේදී දැනගත්ත දැක ගත හැකි වනු ඇති බවත් ඔහු පැවසුවා.

ජනතාවට අඛණ්ඩව ඉදිරිට ලබා දුන්නද අරපිරිමැස්මෙන් විදුලිය භාවිතා කරන්නැයි උපදෙස් නොලැබෙන නිසා ජනතාව සුපුරුදු ආකාරයෙන් භාවිතා කිරීමට පුරුදු වී සිටින බවද හෙතෙම කියා සිටියා.