hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 මැයි 17, ප.ව. 12:29



දෛනික විදුලි කප්පාදුව තව ටික දවසකින් පැය 15ක් වීමටත් ඉඩ තිබෙනවා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

ඒ ඊයේ වත්මන් තත්වය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

විදුලි අවශ්‍යතාවයෙන් හතරෙන් එකක් උත්පාදනය සඳහා යොදා ගන්නේ ඉන්ධන බවත් කෙසේවෙතත් මේ වන විට ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගෙන ඇති බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය ඉන්ධන අර්බුදයට මුහුණ දී සිටීම නිසා විදුලිය බිඳ වැටීම් යථා තත්වයට පත්කිරීම් ප්‍රමාද විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

විදුලිය බිඳ වැටීම් පවතින ස්ථානවලට ළගාවීම සඳහා මණ්ඩලය සතු වාහනවලට ඉන්ධන නොමැති බවත් ඒ හේතුවෙන් සීමිත වාහන සංඛ්‍යාවකින් සේවා පවත්වාගනෙ යන බවත් විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා.