hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 05, පෙ.ව. 4:56



සති කිහිපයකට පසු ඊයේ (04) දිනයේ ජල විදුලි උත්පාදනයේ ඉහළ යාමක් සිදුවී ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

පසුගිය කාල සීමාවේ ජල විදුලිය නිෂ්පාදනය කෙරුණේ 40%ක පමණ ප්‍රමාණයක්.

ඊයේ දිනයේ ලංකා විදුලිබල මණ්ඩලයට අයත් බලාගාරවලින් 57.17%ක ජල විදුලි ප්‍රමාණයක් නිපදවා තිබෙනවා.

මේ අතර මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලට සැලකිව යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ඉදිරියේ දී විදුලි කප්පාදු කාලසීමාව අවම කිරීමට හැකියාව ඇති බවයි.

ඒ අනුව දෛනිකව සිදු කෙරෙන විදුලිය කප්පාදු කිරීමේ කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියාසිටියේ අද (05) විදුලි කප්පාදුව සිදුවන්නේ රාත්‍රී කාලයේ පැයක කාලයක් පමණක් බවයි.

ඒ අනුව මෙම දිනවල A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාපවලට රාත්‍රී කාලයේ පැයක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති.

එසේම විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ඉදිරියේ දී විදුලි කප්පාදු කාලසීමාව අවම කිරීමට හැකියාව ඇති බවයි මහජය උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේ.