hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 මැයි 22, පෙ.ව. 5:08



ලබන සතියේ මුල සිට අඛණ්ඩව විදුලි සැපයුම ලබා දීමට උත්සහ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදීයි.

වියදම වැඩි වුව ද විදුලි උත්පාදනය සඳහා ලබා දෙන ඩීසල් සහ දැවිතෙල් ප්‍රමාණය ඉහළ දැමීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට සිදු වන බව ඔහු පැවසුවා.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, බොහෝ පිරිස් විදුලි ජනක ජන්ත්‍ර සඳහා යැයි පවසා කෑන්, බැරල් සහ බූලි සඳහා ඉන්ධන රැස් කර ගන්නා බව ත් එමගින් සාමාන්‍ය ජනතාවට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය පහත බසින බවයි.

ඒ හේතුවෙන් අඛණ්ඩව විදුලිය සැපයීම මගින් එම තත්ත්වය මග හරවා ගත හැකි බව අමාත්‍යවරයා පැවසුවා.

අද දිනය වන විට නොරොච්චෝලේ බලාගාරය ද ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන බවත් ජල විදුලිය ද කළමනාකරණය කර ගෙන සඳුදා හෝ අඟහරුවාදා අඛණ්ඩව විදුලිය ලබා දීම සම්බන්ධයෙන් තීරණය ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසුවා.