2022 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 6:49
විදුලිය ජනනය කිරීම සඳහා ප්‍රමාණවත් පරිදි ජලාශ පිරී තිබෙන බැවින් ගල්අඟුරු තිබෙනම් එලඹෙන දෙසැම්බර් මාසය වන තෙක් විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බව මහජන උපයෝගීතා කොමිසම පැවසුවා.
ඊයේ(08) මාධ්‍ය හමුවක් කැඳවමින් එම කොමිසමේ සභාපති, ජනක රත්නාක මහතා පවසා සිටියේ, මේ වනවිට විදුලිය සඳහා ඇති ඉල්ලුම අඩුවී ඇති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා,
“පසුගිය සතිය ඇතුළත අපි කව්වාට දෛනික විදුලි කප්පාදුව පැයක් කියලා ඒ පැයවත් කැපුවේ නැහැ. පසුගිය 03 වනදා ඉඳන් අද දක්වා විදුලි කප්පාදුවක් නැහැ. ඒකට හේතුව තමයි අපිට තිබෙන විදුලිය සඳහා ඉල්ලුම අඩුවෙලා තියෙන්නේ. ඒ නිසා විදුලි කප්පාදුවක් සිදුවෙන්න ඕනේ නැහැ. 05 වනදා සැපයුම වැඩිවෙලා. අවශ්‍ය ප්‍රමාණයට වඩා ජනනය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස දෙක තුන ඇතුළත මේ ගල්අඟුරු ප්‍රශ්නය ආවේ නැත්නම් දෛනික විදුලි කප්පාදුව පැයක් තියෙනවා කිව්වොත් ඒ පැය කරන්නෙත් නැහැ. ඒ තිබෙන අවශ්‍ය ජල ප්‍රමාණය, ඒ වගේම ගල්අඟුරු ප්‍රමාණය තියෙනවා නම් එලඹෙන දෙසැම්බර් මාසය වෙනතුරු විදුලි කප්පාදුවකට යෑමේ අවශ්‍යතාවට ඇතිවෙන්නේ නැහැ.”
මේ අතර අද (09) දෛනිකව පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, S, T, U, V, W කලාප සඳහා පස්වරු 06.00 සිට රාත්‍රී 09.00 දක්වා කාලය තුළ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදු වෙනවා.

2026 ජනවාරි 20, පෙ.ව. 12:33
2026 ජනවාරි 20, පෙ.ව. 12:20
2026 ජනවාරි 20, පෙ.ව. 12:19
2026 ජනවාරි 20, පෙ.ව. 12:16
2026 ජනවාරි 20, පෙ.ව. 12:13