2023 ජූලි 07, පෙ.ව. 9:49
රට තුළ නැවතත් අර්බුදයක් ඇති කර සමස්ත ක්‍රියාවලිය ම අස්ථාවර කිරීමට කණ්ඩායමක් කටයුතු කරන බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවා.
මෙම කණ්ඩායම්වලට අයත් සාමාජිකයන් පසුගිය සතියේ මහනුවර, ඇල්කඩුව ප්‍රදේශයේ පිහිටි සුප්‍රසිද්ධ හෝටලයකදී වැඩමුළුවක් පවත්වා ඊට සහභාගි වූවන්ට විරෝධතාවකදී හමුදාව හා පොලිසියට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලබාදී ඇති බව ද පුවත්පතක් වාර්තා කරනවා.
විරෝධතාකරුවන්, හමුදාව හා පොලිසියට විරෝධතාවකදී ප්‍රතිචාර දැක්වීම හා කඳුළු ගෑස්, ජල ප්‍රහාර සඳහා මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුවීමක් මෙහිදී සිදු කර ඇති බවත් රට අස්ථාවර කිරීමේ වැඩපිළිවෙළට සහයෝගය ලබා දෙන විවිධ කණ්ඩායම් ඉදිරියේදී වැඩ වර්ජන රැල්ලක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ද එම බුද්ධි වාර්තා පෙන්වා දී ඇති බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17