hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 17, පෙ.ව. 11:36



ප්‍රචණ්ඩ ක්‍රියාවලින් නිවාස ඇතුලු දේපළ අහිමිවූ  සියලු දෙනාට සාධාරණය ඉටු කිරීම තමාගේ පළමු රාජකාරිය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවා.

ඔහු මෙසේ පැවසුවේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස රාජකාරි ආරම්භ කරමින්.

එම තනතුරේ වැඩ බාර ගැනීමේ ලිපිය ප්‍රසන්න රණතුංග මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම් චමින්ද කුලරත්න මහතාට ඊයේ (16) උදේ භාර දුන්නා.

එම ප්‍රචණ්ඩ ක්‍රියා කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද  හෙතෙම සඳහන් කළා.

පසුගියදා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 74  දෙනකුගේ නිවාස ඇතුලු දේපළවලට හානි සිදු වුණා.

කොල්ලුපිටිය සහ දිවයින පුරා සිදුවූ කලහකාරී සිද්ධීන්ට අදාළව පුද්ගලයින් 159 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගත් පිරිස 398ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව පොලිසිය පවසනවා.

මේ අතර මැයි 09 වනදා අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර විරෝධතාකරුවන්ට පහර දුන් සිද්ධියට ,හිටපු බස්නාහිර පළාත් මන්ත්‍රී අමල් සිල්වා සහ නගර සභා සේවකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.