hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අගෝස්‍තු 12, පෙ.ව. 10:57



ප්‍රචණ්ඩකාරීන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් වැඩිම හානියක් සිදුවී ඇත්තේ ජනපති මන්දිරයේ  විවිධ චිත්‍ර සහ සිතුවම්වලට බව මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ප්‍රචණ්ඩකාරී පිරිස් විසින් විනාශ කරන ලද සහ සොරකම් කරගෙන යන ලද ජනාධිපති මන්දිරයේ දේපළ මොනවා දැයි ස්ථිර වශයෙන්  සහ නිවැරදිව තහවුරු කර ගැනීම සඳහා එහි භාණ්ඩ ලැයිස්තුව (ඉන්වෙන්ට්‍රි) ලබා දෙන්නැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යවමින් ඊයේ (11) දැනුම් දී තිබෙනවා.

ජනාධිපති මන්දිරයේ කාමරයෙන් කාමරයට ගොස් එම භාණ්ඩ ලේඛනගත කිරීමේ කටයුතු මේ දිනවල කරගෙන යන බවත් කාමර වලින් සියයට  75 ක පමණ  භාණ්ඩ ලේඛනගත කිරීම මේ වනවිට අවසන් කර ඇති බවත්  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජනාධිපති මන්දිරයේ විනාශ වූ සහ නැතිවී  ඇති භාණ්ඩ ලේඛනගත කිරීම කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් කෙරුණු ඉල්ලීමක් අනුවයි.

ඒ අනුව එම භාණ්ඩ ලේඛනගත කිරීම  අවසන් වූ වහාම  ඒ පිළිබඳ වාර්තාවක් පොලීසියට බාර දීමටද කටයුතු කරන බව  අනුර මනතුංග මහතා ප්‍රකාශ කළා.