hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 අප්‍රේල් 07, ප.ව. 4:27



ඉන්ධන සහ ගෑස් මිල අඩු කිරීමත් සමඟ ඊට සමගාමීව බත් පාර්සලය, කොත්තු රොටි සහ ෆ්‍රයිඩ් රයිස් යන ආහාරවල මිල ගණන් ද සීයට විස්සකින් අඩු කෙරුණා.

කෙසේ වෙතත් බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ ගෑස් මිල අඩු කළද බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කළ නොහැකි බවයි.

ජාතික පාරිභෝගික පෙරමුණ පවසන්නේ ඉන්ධන මිල සහ ගෑස් මිල පහළ යාම හමුවේ ආපනශාලා සංගම් ආහාර වල මිල ගණන් පහළ දැමූවද එහි වාසිය තවමත් පාරිභෝගිකයින් වෙත ලැබී නොමැති බවයි.

සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“අඩු වෙච්ච එක මේක සැබෑවටම මිනිස්සුන්ට අඩු වුණාද කියන එක මේවට ගැසට් එකක් ගහලා මිල පාලන මිලක් දීපල්ලා. එහෙම නොවුණොත් මේකෙ හැමදාම මේ කළු කඩ කාරයෝ සහ මේ ජාවාරම් කාරයෝ හම්බ කරන්නේ.”

මේ සම්බන්ධයෙන් ජනතාව දැක්වුයේ මෙවැනි අදහසක්

“කෑම වල ගාන කොහොමත් අඩු වෙලා නෑ. වල කියනවා විතරයි. මේ කඩවල්වල අඩු වෙලා නෑනේ.”

“ගාණ නම් තාම නම් අඩුවීමක් නෑ. උදෙත් මං කඩෙන් කෑවේ. පරණ මිලටම තමයි තියෙන්නේ. ගම්වල තියෙන පොඩි කඩවල්වල නම් අඩු වෙලා තියෙනවා.”

කෙසේ වෙතත් වෙළඳසැල් හිමියන් පවසන්නේ මෙවන් අදහසක්.

දාහකට ගිය කොත්තුව ඉතින් අටසීයයි.තව ටිකක් අඩු උනානම් ඊට වඩා අඩු කරලා දෙන්න පුළුවන් අපිට.”

“ගෑස් අඩු කරාට අනිත් ඒවා අඩු වෙලා නෑනේ. බලමු එහෙම අඩු කරොත් අපිත් අඩු කරනවා.”