hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 31, ප.ව. 4:44



අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටි රැදවියන් දෙදෙනෙකු ඇඹිලිපිටිය මහාධිකරණය වෙත ඉදිරිපත් කිරිම සදහා රැගෙන ගොස් සිටියදි ඇඹිලිපිටිය මහාධිකරණය අසලදි බන්ධනාගාර නිලධාරින්ගේ ග්‍රහනයෙන් මිදි පලාගොස් ඇති බැව්  බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ඒෂියන් මිරර් වෙත පවසා සිටියා.

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටි මෙකි රැදවියන් දෙදෙනා ඉකුත් 29 වැනිදින ඇඹිලිපිටිය මහාධිකරණය වෙත ඉදිරිපත් කිරිම සදහා රැගෙන විත් තිබෙනවා.

රැදවියන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත්කොට යලි රැගෙන එද්දි බන්ධනාගාර නිලධාරින්ගේ භාරයෙන් මිදි  අධිකරණය අසලදි  මාංචු පිටින්ම වෙනත් වාහනයකට ගොඩ වී පලාගොස් ඇති බවට තොරතුරු ලැබි ඇති බවද  බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

මේ පිළිබද විමර්ශනයක් ආරම්භ කොට ඇති බවද චන්දන ඒකනායක මහතා පවසා සිටියා.

බන්ධනාගාර නිලධාරින්ගේ භාරයෙන් මිදි පලාගොස් ඇත්තේ ස්ත්‍රි දුෂණයක් සිදු කිරිමේ වරදට බන්ධනාගාරගතව සිටි 31 හැවිරිදිවියේ පසුවන රැදවියෙකු හා මත්කුඩු ළග තබා ගැනිමේ වරදට බන්ධනාගාරගතව සිටි 27 හැවිරිදිවියේ පසුවන රැදවියෙක්.

ගාල්ල – ලලිත් චාමින්ද