2022 මැයි 15, පෙ.ව. 7:53
වෙසක් පුර පසොළොස්වක පොහොය දිනය වෙනුවෙන් සිරකරුවන් 244 දෙනෙකු අද (15) විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිතයි.
ඒ ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුවයි.
ඒ අනුව බන්ධනාගාරගතව අද දිනට සිර දඩුවම් විඳින සිරකරුවන්ට බන්ධනාගාරය තුල ගත කරන ලද වසරකට දින 14 බැගින් පොදු සමාව හිමි වෙනවා.
දඩ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව අද දිනට සිරදඩුවම් විදින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඩුවමේ ඉදිරි ශේෂය අහෝසිවීම තවත් ආකාරයකික්.
අද දින වන විට බන්ධනාගාර ගතව සිරදඩුම් විදින සිරකරුවන් අතරින් වයස අවුරුදු 65 ඉක්මවු සිරකරුවන්ගේ දඩුවමින් හරි අඩක් අඩු කිරීම හා අඩකට වඩා වැඩි කාලයක් දඩුවම් විදින ලද සිරකරුවන්ගේ දඩුවමේ ඉතිරි ශේෂය අහෝසි කිරීමද මේ යටතේ සිදුවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් ජනපති සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, රංගන ශිල්පී රන්ජන් රාමනායකට නිදහස ඉල්ලා කලාකරුවන් ඊයේ දින වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
ඒ අනුව අද දිනයේ රන්ජන් රාමනායකට ද ජනපති සමාව හිමිවේ දැයි මෙරට බොහෝ දෙනා බලා සිටියි.
2026 ජනවාරි 14, පෙ.ව. 12:12
2026 ජනවාරි 14, පෙ.ව. 12:09
2026 ජනවාරි 14, පෙ.ව. 12:09
2026 ජනවාරි 14, පෙ.ව. 12:09
2026 ජනවාරි 14, පෙ.ව. 12:08