2022 ජූලි 20, ප.ව. 3:32
ගාලු මුවදොර, බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශය තුළ කිසිදු පාර්ශ්වයකට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් අද(20) නියෝගයක් නිකුත් කළා.
ඒ කොටුව පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවයි.
පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ අදාළ පිළිමයට හානි කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී තිබෙන බවයි.
එබැවින් අදාල පිළිමය පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශය තුලට කිසිදු පාර්ශ්වයක් ඇතුළු වීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කරනු ලැබුවා.
2026 ජනවාරි 14, පෙ.ව. 12:12
2026 ජනවාරි 14, පෙ.ව. 12:09
2026 ජනවාරි 14, පෙ.ව. 12:09
2026 ජනවාරි 14, පෙ.ව. 12:09
2026 ජනවාරි 14, පෙ.ව. 12:08