hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 30, පෙ.ව. 7:05



ප්‍රතිචක්‍රීකරණය කරන ලද උපකරණ ලබා ගැනීමේ ව්‍යාපෘතිය යටතේ ට්‍රක් රථ 4 ක් ආනයනය කිරීමට ජපානයෙන් දී තිබූ ඇමරිකානු ඩොලර් 83,342ක (ආසන්න වශයෙන් රුපියල් එක්කෝටි හතලිස් තුන් ලක්ෂයක) මුදල එම ව්‍යාපෘතිය වසර තුනකට වඩා වැඩි කාලයක් ප්‍රමාදවීම හේතුවෙන් ආපසු ගෙවන ලෙස ජපාන තානාපති කාර්යාලය යාපනය මහ නගර සභාවට ලිඛිතව දැනුම්දී තිබෙනවා.

වසර තුනකට වඩා වැඩි කාලයක් ප්‍රමාද වීමෙන් පසුවත් ව්‍යාපෘතිය තවමත් අවසන් කර නොතිබීම කනගාටුවට කරුණක් බව ද ව්‍යාපෘතිය අවලංගු කරමින් සහන තානාපති කාර්යාලය යාපනය නගරාධිපති වී. මනිවන්නන් මහතාට දන්වා තිබෙනවා.

එම නිසා අපද්‍රව්‍ය එකතු කිරීමේ ට්‍රක්රථ 4 මිලදී ගැනීමට සහ මෙරටට ගෙන්වීමට අදාළ වියදම් අනාවරණය කර ගැනීමට දුන් මුදල් ආපසු ගෙවන ලෙස ද ජපාන තානාපති කාර්යාලය යාපනය මහ නගර සභාවට ලිඛිතව දැනුම් දී ඇති බවද දැනුම් දී ඇති බවද වාර්තා වෙනවා.

ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලාභ නොලබන අංශයක් වන ජපන් රාජතාන්ත්‍රික සබඳතා ප්‍රවර්ධනය සඳහා වූ සංගමය මෙම මුදල ලබාදීමට 2019 වසරේ අප්‍රේල් මාසයේදී යාපනය මහ නගර සභාව සමග ගිවිසුමකට එළඹ තිබෙනවා.

ජපාන පළාත් පාලන ආයතනය පරිත්‍යාග කළ අපද්‍රව්‍ය එකතු කිරීමෙන් ට්‍රක්රථ හතරක් නැවත ධාවන තත්ත්වයට පත්කර ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා ජපාන රජය මෙම ගිවිසුම මගින් සහාය ලබා දී තිබෙනවා.

එම ට්‍රක් රථ ආනයනය කිරීම සඳහා අවශ්‍ය බලපත්‍ර සහ අවසරය යාපනය මහ නගර සභාව විසින් ලබා ගත යුතු යැයි ගිවිසුම් ගතවන අවස්ථාවේ දෙපාර්ශවය එකගත්වයකට පැමිණ තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගැනීමට ප්‍රමාද වීම මෙම ව්‍යාපෘතිය අවලංගු වීමට හේතු වූ බව යාපනය මහ නගර සභාවේ නිලධාරියකු පවසා සිටියා.

දෙපාර්ශවය එකඟ වූ පරිදි ව්‍යාපෘති ඉක්මන් කිරීමට අපොහොසත් වූ බවට 2019 වසරේ මෙම ගිවිසුමට අත්සන් තැබූ යාපනය මහ නගර මහනගර සභාවේ හිටපු නගරාධිපති එමානුවෙල් ආර්නෝල්ඩ් මහතා යාපනය මහ නගර සභාවේ වත්මන් පාලනයට චෝදනා එල්ලකර තිබෙනවා.

යාපනය නගරාධිපති වී.මනිවන්නන් මහතා විදෙස්ගත වී සිටින බැවින් මේ පිළිබඳ අදහස් විමසීමට නොහැකි වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: