hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 15, ප.ව. 4:35



බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල ත්‍රීව්‍රතාවය අඩු කිරීමට එම එකමුතුව ඒකමතිකව තීරණය කර තිබෙනවා.

ඒ ඔවුන් ඉදිරිපත් කළ යෝජනාවලට ජනාධිපති ලේකම්වරයාගෙන් ලිඛිතව ලැබුණු ධනාත්මක ප්‍රතිචාරය සැලකිල්ලට ගනිමින්.

එසේම, එළඹෙන සතියේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව ද කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක දී වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කළා.

එසේම, මෙම ක්‍රියාමාර්ගවලට සමගාමීව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ වර්ජනය හෙට පෙරවරු 8ට තාවකාලිකව අවසන් කරන බවයි එහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටියේ.

මේ අතර අද (15) උදෑසන 8ට ආරම්භ කළ වැඩ වර්ජනය හෙට (16) උදෑසන 8ට අවසන් කිරීමට ලංකා බැංකු සේවක සංගමය තීරණය කර තිබෙනවා.

රජයේ නව බදු ප්‍රතිපත්තිය ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් අද (15) උදෑසන 8ට මෙම වැඩවර්ජනය ආරම්භ කළේ.