hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 16, පෙ.ව. 10:20



දවසක් වැඩ වර්ජනය කළහොත් දළ ජාතික නිෂ්පාදනයෙන් දෛනිකව උපයන රුපියල් බිලියන 46ක මුදලක් රටට අහිමි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා එලෙස පවසා සිටිනවා.

වැඩ වර්ජන හේතුවෙන් අධ්‍යාපනයට සිදුවන හානිය ගණනය කළ නොහැකි තරම් ඉහළ මට්ටමක පවතින බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

රට දවසක් සම්පූර්ණයෙන් අකර්මණ්‍ය කළහොත් රුපියල් බිලියන 46ක මුදලක් දෛනිකව රටට අහිමි වන බව ත් සමහර අය උත්සාහ දරනුයේ ඒ සඳහා බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

වර්ෂයකට මෙරට දළ ජාතික නිෂ්පාදිතය රුපියල් බිලියන 16,809ක් වන බව ද එය දවස් 365න් බෙදූ විට දිනකට අහිමි වන මුදල රුපියල් බිලියන 46ක් වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.