hit counter

2024 මැයි මස 08 වන බදාදා

2022 ජූලි 12, ප.ව. 10:46



මහජන මතයට හිස නමමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කල් මරමින් නොසිට වහා ඉවත් විය යුතු බව පවසා ජාතික භික්ෂු පෙරමුණ මහනුවර ශ්‍රී දළදා මාලිගාව වාහල්කඩ ඉදිරිපස සත්‍යක්‍රියාවක නිරත වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.                                                                                                                   

මහනුවර නගර මධ්‍යයේ සිට පාගමනින් වාහල්කඩ අසලට පැමිණ මහා සංඝරත්නය මෙන්ම තවත් පිරිසක් එහිදී ආගමික වතාවත්හි නිරත වීමෙන් අනතුරුව සත්‍යක්‍රියාව ආරම්භ කර තිබෙනවා.                                     

ජාතික භික්ෂු පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක පූජ්‍ය බඹරගහකන්දේ ඥානසිරි හිමි සඳහන් කළේ පොරොන්දු වූ ආකාරයෙන් ගෝඨාභය සහ රනිල් අශුද්ද හවුල වහා ඉවත් විය යුතු බවත් ඉදිරියේදී බිහි වන රජය රාජපක්ෂ පවුල ඇතුළු මේ රටේ ජාතික ධනය විනාශ කළ අයවලුන් හට දැඩි නීතිමය පියවර ගෙන එම ධනය නැවතත් රජයට පවරා ගැනීමට පියවර ගත යුතු බවයි.

මහනුවර – කේ .එල් .සුරවීර