hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූලි 25, ප.ව. 2:26



සතියකට පමණ පෙර සිට අතුරුදන්ව ඇති 15 හැවිරිදි තම දියණිය සොයා දෙන්නැයි ගල්කිරියාගම පොලීසියට බල කරමින් පියෙකු ඊයේ (24) පස්වරුවේ සිට ගලේවෙල කුඩාවැව ‍ප්‍රදේශයේ පිහිටි අධි බලැති විදුලි කණුවක් මත නැග උපවාසයක් ආරම්භ කොට තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

මෙසේ උපවාසයක් ආරම්භ කොට ඇත්තේ කම්කරු රැකියාවක් කරන ජගත් මහේන්ද්‍ර ලයනල් නම් එක් දරු පියෙක්.

මෙම පියා ඊයේ (24) දහවල් ගලේවෙල කුඩාවැව ප්‍රදේශයට පැමිණ අධි බලැති විදුලි රැහැන් ඇදී අඩි 150ක් පමණ උස කණුවක් මත නැග සිය විරෝධය ආරම්භ කොට තිබෙනවා.

කෙසේ වෙතත් ගල්කිරියාගම පොලීසිය ඊයේ (24) පස්වරුවේ මෙම ස්ථානයට පැමිණ අද (25) දින තුළ දියණිය සෙවීමේ කටයුතු සිදු කරන බව ප්‍රකාශ කල ද එහෙත් උපවාසය අත් නොහරින බව ද හෙතෙම සඳහන් කළා.

මේ පිළිබඳව ගල්කිරියාගම පොලිසියෙන් ඒෂියන් මිරර් කළ විමසීමේදී එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ පැමිණිල්ල ලැබුණු මොහොතේ මෙම දැරිය සෙවීමේ සියලු කටයුතු රාජකාරී මට්ටමින් සිදු වෙමින් පවතින බවයි.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස