hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 09, පෙ.ව. 9:18



දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට එරෙහිව පවරා ඇති නඩු සම්බන්ධයෙන් දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නීති අංශයේ සහාය ලබා නොගෙන පුද්ගලික නීතිඥවරුන්ගේ සහාය ලබා ගෙන ඇතැයි වාර්තා වනවා.

මේ හේතුවෙන් 2019 වර්ෂයේ හා 2020 වර්ෂයේ අගොස්තු මස 20 දක්වා කාලය තුලදී පුද්ගලික නිතිඥවරුන් සදහා රුපියල් 559,000ක මුදලක් ගෙවා ඇති බව දකුණු  පළාත් සභාවේ 2020 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන්.

එම අධිකාරියට එරෙහිව අධිකාරියේ සේවකයින් විසින් උසස්විම්, දිරි දීමනා, වැටුප් වර්ධක ලබා නොදිම, පවරා තිබු නඩුවලින් 2020 වර්ෂය තුල නඩු 15ක් විභාග වෙමින් තිබුණා.

මේ සම්බන්දව ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට ප්‍රකාශ කොට ඇත්තේ මේ වනවිට මෙය නිවරදි කොට ඇති අතර ප්‍රධාන ලේකම් කාර්යාලයේ නීති නිලධාරින් මගින් අදාළ නෛතික කටයුතු සදහා උපදෙස් ලබාගැනිමට යොමුකර ඇති බවයි.

පළාත් සභාව තුල සිටින රජයේ නීතිඥයින් නඩු කටයුතු සදහා යොදාගත යුතු බවට විගණනය මගින් නිර්දේශ කොට තිබෙනවා.