hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 02, පෙ.ව. 3:06



පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය අභියෝගයට ලක් කරමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ඒ මහතා විසින්ම ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.

මෙසේ පෙත්සම අස්කරගනු ලැබුවේ පෙත්සම පවත්වා ගෙන යෑමේ අවශ්‍යතාවයක් නොමැති බව ඒ මහතාගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දීමෙන් පසුවයි.

ඊට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම නිෂ්ප්‍රභ කළා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව නීතියට පටහැනිව තමන් අනිවාර්යය නිවාඩු ගැන්වීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ තිබෙනවා.