2026 ජූලි 17, ප.ව. 12:53
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන නිකුත් කිරීම වෙනුවෙන් පනවා ඇති QR ක්‍රමවේදය ඉවත් කිරීමට මේ මොහොතේ සූදානමක් නොමැති බව සඳහන් කරයි.
ඒ අනුව එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කළේ ලෝක වෙළෙඳපොළ තුළ ඉන්ධන සඳහා තවදුරටත් ස්ථාවරත්වයක් නොමැති වීම නිසා මෙම පියවර තවදුරටත් ඉදිරියට ගෙන යන බවයි.
එසේම ඔහු පෙන්වා දුන්නේ QR ක්‍රමවේදය භාවිත කිරීමෙන් ඉන්ධන මෙන්ම ඩොලර් සංචිතයේද පාලනයක් පවතින බවයි.
තවද යළි යුදමය තත්ත්වය උග්‍ර වුවහොත් මෙරට ඉන්ධන පොලිම් ඇතිවීම සහ ඒ තුළින් ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීමට තවදුරටත් QR ක්‍රමවේදය භාවිත කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇති බව කළමනාකරණ අධ්‍යක්ෂවරයා පැවසුවා.
මයුර නෙත්තිකුමාරගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ යළි ඇතිව ඇති යුදමය තත්ත්ව හේතුවෙන් මෙරට ඉන්ධන සැපයුම් ජාලයට කිසිදු බලපෑමක් මේ දක්වා ඇතිව නොමැති බවයි.
එසේම ඉන්ධන වෙළෙඳපොළේ මිල ගණන් නැවත ඉහළ යාමක් සිදුවේද යන්න පිළිබඳව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිරන්තර නිරීක්ෂණය කරමින් පවතින බවද ඔහු කියා සිටියා.
2026 ජූලි 17, ප.ව. 5:57
2026 ජූලි 17, ප.ව. 3:53
2026 ජූලි 17, ප.ව. 12:55
2026 ජූලි 17, පෙ.ව. 8:39
2026 ජූලි 17, පෙ.ව. 6:10
21-06-26
21-06-26
06-04-26
06-04-26
25-03-26
25-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
22-04-25
22-04-25