hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 22, පෙ.ව. 8:41



එළඹෙන මාසයේ සිට QR ක්‍රමය ඉවත් කිරීමක් සිදුනොවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආකාරයට එවැනි කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.

ඉන්ධන අර්බුදය පාලනය කිරීම සම්බන්ධයෙන් ක්‍රියාවට නැංවූ QR ක්‍රමය පූර්ණ ඉන්ධන අවශ්‍යතාවය සපුරාගැනීමට හැකිවන තාක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

රටට අවශ්‍ය සම්පූර්ණ ඉන්ධන ධාරිතාව ලැබෙන තෙක් QR පද්ධතිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළා.

QR කේත ක්‍රමය ඉවත් කරන බවට පැතිර යන ආරංචි සත්‍යයෙන් තොර ඒව බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: