hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 අප්‍රේල් 20, පෙ.ව. 11:43



රඹුක්කන ප්‍රදේශයේදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයකදී සිදුකළ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගියා.

මෙලෙස මියගොස් තිබුණේ කරඳගස් තැන්න, හිරිවඩුන්න, නාරම්බැද්ද රඹුක්කන ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.ඩී චමින්ද ලක්ෂාන් නැමැත්තෙක්.

ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්.

එලෙස මියගිය පුද්ගලයා පිළිබඳ අද(20) පාර්ලිමේන්තුවේදීද කතාබහක් ඇතිවුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ චමින්ද ලක්ෂාන්ගේ මරණයට වගකිව යුත්තේ රාජපක්ෂ රජයේ රාජ්‍ය ත්‍රස්තවාදය බවයි.

රඹුක්කන සිද්ධියේදී වෙඩි තැබීමට අණ කළ පොලිස් ප්‍රධානියා කවුද යන්න තමා රජයෙන් ප්‍රශ්න කරන බවද විපක්ෂ නායකවරයා කියා සිටියා.

මෙලෙස මියගිය පුද්ගලයා ගැන විශේෂ හෙළිදව්වක් සිදුකළේ හිටපු අගමැති, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතායි.

ඔහු කියා සිටියේ සංදීප් සමරසිංහ මන්ත්‍රීවරයාගේ ආධාරකරුවෙකු බවත් 2001දී ඔහු යොවුන් පෙරමුණේ සාමාජිකයෙකු බවත්ය.

ඔහු බවුසර් ගිනි තියන පුද්ගලයෙකු නොවන බවත් එම මාර්ගය අවහිර කිරීමක් සිදු කල බවට පිළිගත යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

“අපට තිබෙන විකල්ප සීමා වී තිබෙනවා.මියගිය තැනැත්තාගේ බිරියටත් මා කතා කළා . ඒ මියගිය පුද්ගලයා අපේ පක්ෂයේ සංදිත් සමරසිංහ මහතාගේ ආධාරකරුවෙක්. ඔහු ගිනි තියන්න යන්නේ නැහැ. පක්ෂ නායකයන් කෙටි වේලාවක් මුණගැහී මේ සිද්ධි පිළිබඳව සාකච්ඡා කරමු.” යැයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.