hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 25, පෙ.ව. 8:00



පොතුවිල් කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ  රේඩාර් කුළුණු ඉදිකිරිමේ ව්‍යාපෘතිය සදහා ජපන් ජාත්‍යන්තර් සහයෝගිතා ආයතනය විසින් ජපන්යෙන් මිලියන 2,503ක ප්‍රදානයක් ලබාදිම සදහා ශ්‍රිලංකා රජය සමග ගිවිසුම්ගතවි වසර 05ක් ගතවි ඇතත් තවමත් එකි ව්‍යාපෘතිය ආරම්භ කිරිමට නොහැකිවි ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

පොතුවිල් කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පිහිටුවිම සදහා ජපන් ජාත්‍යන්තර් සහයෝගිතා ආයතනය විසින් ජපන් යෙන් මිලියන 2,503ක ප්‍රදානයක් ලබාදිම සදහා 2017 ජුනි මස 30 වැනි දින ශ්‍රි ලංකා රජය සමඟ ගිවිසුමක් අත්සන් කර තිබුණා.

මෙම ව්‍යාපෘතිය සදහා රජය මගින් රුපියල් මිලියන  486.6ක් දැරිය යුතුව තිබෙනවා.

කෙසේවුවද 2017 වර්ෂයේ සිට මේ දක්වා වසර 05ක් ගතවි තිබුණද මෙතෙක් එහි ඉදිකිරිම් කටයුතු ආරම්භ කිරිමට නොහැකිවි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

එමෙන්ම පොතුවිල් රේඩාර් කුළුණු  ඉදි කරනු ලබන කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පිහිටි භූමියද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට මෙතෙක් පවරගෙන නොතිබුණා.

මෙම ව්‍යාපෘතියේ යම් ප්‍රමාදයක් පැවතියද 2019 වර්ෂයේ සිට  ඉදිකිරිම් සදහා අනුමැතිය ලබා ගැනීම ආරම්භ කොට ඇති බවත් කොවිඩි වසංගතය නිසා 2020 වර්ෂයේ දි එම කටයුතු ඇණ හිටි ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් විගණනයට සදහන් කොට තිබෙනවා.

නැවත 2021 වර්ෂයේ දි වැඩකටයුතු ආරම්භ කළද ව්‍යාපෘතිය සදහා 2017 වර්ෂයේ ඇස්තමේන්තු කළ මුදල ප්‍රමානවත් නොවිම නිසා ටෙන්ඩර් පටිපාටිය අතරමග නතරකිරිමට සිදුවු බව විගණනයට සදහන් කොට තිබෙනවා.

ලලිත් චාමින්ද