hit counter

2024 මැයි මස 01 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 6:53



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගොන්ගල රේඩාර් පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 402.8ක් වැයකර වසර 12ක් ගත වී ඇතත් මේ දක්වා එම රේඩාර් පද්ධතිය ඉදිකොට නොමැති බව ජාතික විගණන කාර්යාලය පැවසුවා.

මෙම රේඩාර් පද්ධතිය ඉදි කිරීම සදහා රැගෙන එනු ලැබූ රුපියල් මිලියන 9.1ක් වටිනා උපකරණ අස්ථානගතව තිබූ බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ඉදිරිපත්කර තිබූ හානි හා පාඩු ලේඛනයේ එම වටිනාකම රුපියල් මිලියන 4.9ක් ලෙස දක්වා තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වෙනවා.

එමෙන්ම මෙම අස්ථානගතවීමට වගකිවයුතු නිලධාරීන් හදුනාගෙන නොතිබූ බවද විගණනය මඟින් අනාවරණය කොට තිබෙනවා.

භාණ්ඩ අස්ථානගතවීමට හා අසාර්ථක ව්‍යාපෘතියට වගකිවයුතු නිලධාරීන් හදුනා ගෙන රජයට වී ඇති අලාභය හඳුනා ගැනීමට කටයුතු කළ යුතු බවද විගණනය මගින් නිර්දේශ කොට ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවුවද මේ පිළිබද ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට සදහන් කොට ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්කගේ උපදෙස් මත  දැනට පවතින භාණ්ඩ හා කුළුණ සහිත ගොඩනැගිල්ල එහි නතරව සිටින යුධ හමුදා බලධාරීන් වෙත තාවකාලික ප්‍රයෝජනය සදහා පවරා දි ඇති බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාල විගණන වාර්තාවේ මේ බව සදහන් වෙනවා.

ලලිත් චාමින්ද