hit counter

2026 ජූනි මස 07 වන ඉරිදා

2022 දෙසැම්‍බර් 13, ප.ව. 1:24



රජයේ විශ්වවිද්‍යාලවලදී නවක සිසු සිසුවියන්ට මුහුණ දෙන්නට සිදුවන නවකවදය මේ වන විට සරසවි පද්ධතියේ බරපතළ ගැටලුවක් බවට පත්ව තිබෙනවා.

එවන් පසුබිමක ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන භික්ෂූන් වහන්සේලාට ද එම ඉරණමට මුහුණපාන්නට සිදුව ඇති බව  වාර්තා වෙනවා.

මෙය සිදුව ඇත්තේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේයි.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ පීඨාධිපති පූජ්‍ය ඉලුකේවල ධම්මරතන හිමියන් පැවසුවේ ඊට සම්බන්ධ සිසුන් කිහිපදෙනෙකුට පංති තහනමක් සිදුකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් හෝමාගම පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති බවයි.