hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මාර්තු 21, පෙ.ව. 4:18



ලෝකයේ කාන්තාවන් පමණක් සහභාගී වන ත්‍රාසජනක, අභියෝගාත්මක “රේඩ් ඇමසෝන්” (Raid Amazones ) ක්‍රීඩා තරගාවලිය සදහා සහභාගී වීමට ප්‍රංශයේ සිට එරට තරුණ ක්‍රීඩිකාවන්  250 දෙනෙකුගෙන් යුතු පළමු කණ්ඩායම  ඊයේ (20) දින අලුයම පැරිස් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මෙම තරගාවලිය ඊයේ (20) සිට 28 දින දක්වා මහනුවර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් අදියර කීපයක් යටතේ පැවැත්වීමට මෙම තරග සංවිධායක මණ්ඩලය අවශ්‍ය කටයුතු සංවිධානය කර තිබෙනවා.

මෙම ක්‍රීඩිකාවන් පිරිස ඊයේ (20) අලුයම 05.15ට ප්‍රංශයේ පැරිස් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 564 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.