hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 07, පෙ.ව. 12:00



අද (07) දින උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

ඒ අනුව උතුරු, උතුරුමැද, නැගෙනහිර, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත හා මොනරාගල සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහා නිවේදනය බලපැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එම ප්‍රදේශවල ජීවිත් වන ජනතාවට මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමට පැවතිය හැකි යැයි අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ අතර අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

තද වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: