2023 අප්‍රේල් 29, පෙ.ව. 12:36
අපරභාගයේදී ඇතිවන ගිගුරුම් සහිත වැසි තත්වයේ සැලකිය යුතු වැඩිවීමක් අපේක්ෂා කරන බවත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බවත් නැගෙනහිර පළාතේ උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බව නිවේදනයේ සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
2026 අප්‍රේල් 28, ප.ව. 4:58
2026 අප්‍රේල් 28, ප.ව. 4:21
2026 අප්‍රේල් 28, ප.ව. 4:12
2026 අප්‍රේල් 28, ප.ව. 3:55
2026 අප්‍රේල් 28, ප.ව. 3:26